(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණි කාර් රථය පරීක්ෂාකර බැලීමේදී ඒ තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එම පිස්තෝල උණ්ඩ පහක් සොයාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පිස්තෝල අවිය ළඟ තබා ගැනීමට ඔහුට ලබාදී තිබූනීත්‍යානුකූල බලපත්‍රය සහ අවිය භාවිතා කිරීමට නිකුත් කර තිබූ ලියවිල්ල ද කාර් රථය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
කොම්පඤ්ඤ වීදිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරනය අපි කාටත් පොදුයි. මරනය කොයි මොහොතෙ කොහොම එයිදැයි කාටවත් කියන්නට බැහැ. මරනය එතරම්ම අමරනීයයි.