(නිමල කොඩිතුවක්කු)
අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියා ආණ්ඩුව ජල ගාස්තුව පවා වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනතාව රවටා ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු පැවසීය.
හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් දුප්පතා ගැන නිතරම කතා කරන තරුණ සජිත්, එදා ගෝටබය අගමැතිකම බාරදෙන්න සුදානම් උනාම සැගවුණ.
සති ගණං වහින්නැති රටවලත් ජලගාස්තු මීට වඩා අඩුයි. ජලය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක්...!
මේ ඔහුගේ දේශපාලන න්‍යයාය පත්‍රයේ විහිළු කොටසක්
දැන් ඔහේ ඇඟිල්ල දික්කරලා කෑගහලා මොනවද නැවැත්තුවේ? ජෙප්පන් මොනවද නැවැත්තුවේ? පුරුද්දට කෑගහනවා?
ඔව්... ජනතාව කබලෙනුත් ලිපට වැටිලා. ඒත් ඔබතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය රටේ බලය ගැනීමට හැකි සියලු දේ කියමින් ඉන්නවා. ඒත් මුළු ඒකාබද්ධ විපක්ෂයම එකතු වී රටේ දේ හොරකම් කළ දූෂිතයන් අල්ලා හොරා කෑ දේ නැවත පවරා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය බලය ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. රට කෑ හොරුන් ආරක්ෂා වී නිදැල්ලේ සිටිනවා. ජනතාව ලයිට් බිල්, වතුර බිල් ඇතුළු සියලු දෙයින් බැටකමින් හිඟා නොකා හිඟාකනවා. කනවා වෙනුවට ලෙවකනවා. පව් අපේ රටේ මිනිස්සු.
ඔයා බලාගෙන ඉන්නේ සහනාධාර දීලා ඡන්ද ගරාගන්න. ඒකතමයි මේ රටට පාත් වුණු ලොකුම හෙනේ. ඔබ රටම අගාධයට ගෙනියන දැක්මක් නැති නායකයෙක්...!