IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තඹුත්තේගම අනතුරකින් හතරක් මරුට:හතරක් රෝහලට

(ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර - පාදණෙිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. 

මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේහයේ පදිංචි කරුවන් පිරිසකි. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනිමට ගොස් ආපසු යමින් සිටියදී මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය අය අතර කාන්තාවෝ තිදෙනෙක් වෙති.

මෙසේ  මියගොස් ඇත්තේ මවුලානා සින්දු අහමඩ් (රියැදුරා) (46) ජේනු අහබ්දුල් චාපා (46)සයිදු අහමදු මවුලානා (43) සහ අබ්දුල් රහිමන් මොහොමඩ් රසීම් (36) නමැති සිවු දෙනෙකි.

තුවාල කරුවන්ගේ තිදෙනකු තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයකුගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත. 



අදහස් (9)

තඹුත්තේගම අනතුරකින් හතරක් මරුට:හතරක් රෝහලට

Bunny Preena Friday, 04 August 2023 09:07 AM

වේගය මරුවා කැඳවයි. ඉක්මන් කොටයි. වාහනයේ හැටි දැක්කහම් හිතා ගන්ට පුලුවන් මොන තරම් වෙගයකින් රියදුරා වාහනය පදවා ඇතිත කියලා. රියදුරාට නින්ද ගියා වද ?.

:       1       7

කිරිපුතා Friday, 04 August 2023 11:30 AM

මේ ජාතියේ වාහන තැන්නේදී අධික වේගයකින් යනවා... මම බොහෝවිට දැක ඇත්තෙමි. බර අඩු සහ ආරක්ෂාවක් නැති මෙවැනි වාහන රටපුරා බොහෝ ඇත. වේගයෙන් යාම නොව ආරාක්ෂාකාරීව තම ගමන නිමා කරගැනීම දක්ෂතාවය වග සියල්ලන් සිතට ගනිත්වා..!

:       0       45

mathiri Friday, 04 August 2023 01:45 PM

මාර්ගයේ වාහන නවතා තබනවා නම් හැසාර්ඩ් ලාම්පු ඇලවීම අනිවාර්ය කරන්නේ නම් මැනවි.

:       1       12

ajith Friday, 04 August 2023 02:00 PM

අද ඇති බොහෝ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය පැදවීමයි. මෙවැනි රියදුරන් අල්වා ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකියි.

:       0       6

Chaminda Friday, 04 August 2023 02:29 PM

මෙවැනි අනාරක්ෂිත වාහන ගෙන්වීම නතර කළ යුතුවේ. 8 දෙනෙකුට ගමන් කළහැකි වාහනයක් ද මේ...?

:       0       7

Bunny PreenaSaturday, 05 August 2023 10:04 AM

පුද්ගලික බස්වල වැඩකරපු කොන්දෙස්තරලා වාහන අයිතිකාරයො උනහමත් මෙහෙම පමනට වඩා පටවගෙන යනවා.

:       0       0

Nihal Friday, 04 August 2023 04:07 PM

ඉතාම ශෝචනීයයි, නැවත ඉපදෙන කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් අත්නොවේවා ,

:       1       7

Jayanthi Friday, 04 August 2023 05:46 PM

ප්‍රධාන පාරක ,පොඩි පාරවල් පවා වාහන නවතා තැබීම තහනම් කල යුතුය තහනම් කල යුතුය

:       0       0

ගමේ එකාලා Friday, 04 August 2023 07:26 PM

බීලා ඉගිල්ලෙන්න හදන රියදුරන් නිසා ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයින්ට? දිනපතාම වාගේ රිය අනතුරු. මේවාට හේතු සහ විසඳුම් කඩිනමින් දිය යුතුයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site