(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යුදහමුදා සෙබළකුට තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
කැපුම් තුවාල ලැබූ කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ යුද හමුදා සෙබළා අසල්වාසීන් වන අතර පෞද්ගලික ආරවුලක් මත මෙම දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොස්තාපල්වරයා සමග ඇති කරගත් මෙම ආරවුලට එම කොස්තාපල්වරයාගේ බිරිඳ සහ පුතා ද හවුල් වීමෙන් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිදුවීම් දැන් දැන් ගොඩක් ම ලංකාවේ සිද්දවෙනවා , මේවට සම්පුර්ණයෙන්ම වගකියන්නේ ඕනේ ලංකාවේ පොලිසිය , වෙන රටවල මුලදී පොඩි ප්‍රශ්නයකදී උනත් පොලිසියට දැනුම්දුන්නවිට ඇවිත් විමර්ශනය කරලා ප්‍රශ්නේ වින්සදන්ව , නමුත් ලංකාවේ පොලීසය මේ වගේ ප්‍රශ්න වින්සදන්න එන්නේ නැහැ , ගණන් ගන්නෙත් නැහැ , අන්තිමට ඒ මිනිස්සුම ප්‍රශ්නේ විසන්දගන්නවා . එක කෙලවර වෙන්නේ බොහෝවිට මරණයකින්
කලකදි යාලු කලකදී විස වෙනවාලු... !