
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
වසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්යක්ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (3) සවස පැවසීය.
උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දෙන බව ද අවධාරණය කළේය.
‘උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත්. මේ වනවිට (03දා) උඩවලව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුනොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.’ නියොජ්‍ය අධ්යක්ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්යක්ෂතුමෝ, ලංකාවේ සිටින කළදුටුකල වල ඉහින කාළකණ්නි දේශපාලුවන් ඔතැන හෝටල් අටවන්න ඒවි කියලා හිතෙනවා. ඉක්මණින් ආරක්ෂක විධිවිධාන යොදන්න හෝටල් ඇටෙව්වෝත් කවදාහරි ධාර්මික පාලකයින් ඇවිල්ලා වැස්ස ලැබුණොත් වැව පුරවන්න බැරිවේවි හෝටල් හිමියන් පුරවන්න එපා කියලා නියෝග කරාවි... එහෙම කරපුවා රජරට තියෙනවා කියලා අහන්න ලැබුණා.
රටටම ප්‍රබල ලෙස බලපාන ප්‍රශ්නයක් මේක... නමුත් පිනාධිපති සහ අගමැති මුනිවත රකියි.
ජලාශ හැදුවාට මදි... ඒවා නඩත්තු කරන්නත් ඕන බව අපේ පාලකයින් දන්නේ නෑ. ඒ නිසා තමයි දවසින් දවස රොන් මඩ පිරිලා ජලාශයේ ධාරිතාව බිංදුවටම බහින්නේ... පාලකයෝ, ඉංජිනේරුවෝ කොච්චර ලොකු පඩි ගත්තත් කරන දෙයක් නෑ... ජල පෝෂක ප්‍රදේශවල අනවසර ගොවිතැන්, හෝටල්, ගොඩනැගිලි දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන්... අන්තිමට අපි දුක් විඳිනවා...
රටේ ආර්ථිකය වගේ තමයි... අඩියටම හිඳිලා...
ගොවීන්ගේ ඉල්ලිම පරිදි සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම පිළිබඳව නැවත සිතාබැලිය යුතුවේ. මේ වනවිට දැඩි නියඟයකට මුහුණ පා තිබෙන්නා වූ පළාත් වෙත ජලය නිකුත් කළද පුලාවේ තිබෙන්නා වූ දැඩි වියළි තත්වය නිසා විශාල ජල ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදුවේ. සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කරනා ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් පොළවට උරා ගැනීම සිදුවේ. ජලය ලබාදීම ආරම්භ කර යම් හෙයකින් අතරමගදී නැවැත්වීමට සිදුවුවහොත් ගැටළු වැඩිවන බැව් කිවයුතුවේ. එසේ වුවහොත් සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලයට නිකුත් කළ ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි නම් ජලය නිකුත් කිරීම සුදුසු නොවේ. යම් හෙයකින් ජලය නිකුත් කිරීම සිදුවුවහොත් අවසානයේ බිමට සහ විදුලිය නිපදවීමට පවා ජලය නොමැතිව අර්බුද ගණනාවක මුහුණ දීමට සිදුවේ. ගොවීන්ට සහනයක් වශයෙන් මසකට යම් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතුවේ. ඒ අතර උඩවලව ජලාශය ගැඹුරු කර ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිකිරීම පිළිබඳව සොයාබැලීමක් කළයුතු වේ...