
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අය සිට ඇතත් ඔවුන් කිසිවකුටත් අනතුරක් නැතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දෙමහල් නිවසේ ගේට්ටුවෙ සහ බිත්ති වල වෙඩි වැදුණු සලකුණු පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.
ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තිබිණි යැයි කියති.
ඉල්ලා සිටි කප්පම් මුදල යන ධනවත් ක්‍රියාකාරිකයා නොදීම නිසා ඊට උරණ ඔහුගේ ගෝලයන් දෙදෙනකු ඒවා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් කල්ලිවලට... කුඩු ජාවාරම්වලට සහ අපරාධවලට සම්පූර්ණයෙන්ම තිත තැබිය යුතුයි.