(ඉන්දිකා රාමනායක)
වවුනියාවල තෝණිකල් ප්‍රදේශයේ නිවෙසක උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී තියුණු ආයුද රැගත් පිරිසකගේ පහරදී එම නිවෙසට ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා ප්‍රශ්න කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අහමඩ් රහිම් මහතා පොලිසියට අවසර ලබා දුන්නේය.
වවුනියාව ප්‍රදේශයේ දී පදිංචි සැකකරු ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් (24) දින සිදු වු මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වු අතර පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හය දෙනකු රිමාන්ඩ් බාරයේ පවසු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම පහර දෙන්න හේතුව? කවුරුත් එක කියන්නෙ නැහැනෙ