
(යොහාන් භාසුර)
දීඝවාපි මහා සැරදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස්කිීමට ‘දීඝවාපියට ගඩොලක්’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් දීඝවාපි පුදබිමෙදී පසුගියදා පැවැත්විණි.
දීඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා ලක්වාසී සහ ලෝකවාසී ජනතාවගේ නොමසුරු ආධාර මුදල් ලබාගැනීමේ අරමුණින් එම වැඩසටහන සංවිධානය කළ අතර සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මෙම මහා පුණ්‍ය කර්මයට ප්‍රධානත්වය ගත්හ.
දානපතියන්ගේ ආධාර මුදලින් ගොඩනැඟුණු ‘දීඝවාපිය අරුණ භාරය‘ අරමුදල හරහා මෙයට මුදල් රැස්කරන අතර දීඝවාපි සෑ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් ලෝකවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව දීම මෙහි අරමුණයි.
ආධාර මුදල් ලංකා බැංකුව තැප්‍රෝබේන් ශාඛාවේ ගිණුම් අංක - 86860000 දරණ ‘දීඝවාපිය අරුණ’ ගිණුමට බැරකළ හැකි අතර රුපියල් 200 ක් ගෙවා ස්තුප ගඩොලක් ද, රුපියල් 1200 ක මුදලක් ගෙවා ස්ථූපයේ ඝණ අඩියක් නිමකර දීමට ද, දායක වියහැකිය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු www.deegawapiya.lk දරණ වෙබ් අඩවියෙන් සහ [email protected] දරණ ඊමේල් ලිපිනය හරහා හෝ දුරකථන අංක 0112430860-78 අංකයන්ගෙන් විස්තර ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීඝවාපියට ගඩොලක් වැඩ සටහන මීට අවුරුදු තුන හතරකට කලිනුත් මට මතකයි තිබුනා. මමත් සහභාගි උනා. මේ වතාවේදීවත් එම කටයුත්ත නිම කරගැනිමට හැකිවේවා!
අද රටේ ජාතික අවශ්‍යතාවය වියයුත්තේ දාගැබ් ඉදිකිරීමද, දුප්පතුන්ගේ බඩගින්න සහ ළදරුවන්ගේ මන්ද පෝෂණය අවම කිරීමද? මහානායක හාමුදුරුවනේ, මේ ගැන රට දැනුවත් කරන්න...
අර මිහින්තලේ ලොකුතැන කියන කරන දේ දැක්කම බුද්ධාගම පන්සල අරහං කියල තේරෙනව. මොන විනාශයක්ද එයාල කරන්නේ මේ හිඟන රටට.