(සුජිත් හේවාජුලිගේ)
විවිධ හේතු මත පුපුරන්න ඔන්න මෙන්නව පැවති රටේ ආර්ථිකය කොව්ඩ් සහ පොහොර ප්රශ්නය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පුපුරා ගිය බව දිවයිනේ විද්‍යාල රැසක ආර්ථික අධ්‍යයන අංශවල ආචාර්ය මහාචාර්යවරු රැසක් රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙරේදා(3) පෙන්වා දුන්හ.
කවුරු කුමක් පැවසුවත් කොව්ඩ් පැමිණෙනවිටත් රටේ ආර්ථිකය පැවතුණේ පහත අඩියක බවද ඔවුහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි රටේ ආර්ථික බංකොළොත් භාවය පිළිබඳව කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කළ දැනුම්දීමක් අනුව දිවයිනේ විශ්වවිද්‍යාල රැසක ආචාර්ය මහාචාර්යවරු 29 දෙනෙක් එම කාරක සභාව හමුවේ පෙනී සිටියහ.
රැස්වීමට පැමිණි සෑම විද්වතෙක්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වෙන වෙනම අදහස් දැක්වීම විශේෂත්වයකි.
එම විද්වතුන් ඇමතූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පක්ෂ පාට අමතක කර, පාට කණ්ණාඩි ගලවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අවංකව කරුණු ඉදිරිපත් කරන්නැයි මුලින්ම ඉල්ලීමක් කළේය.
රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සාධක මතු කරගෙන ඒ ගැටළුවලට විසඳුම් සෙවීමට උපරිම ලෙස සහාය දක්වන්නැයිද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රටේ ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තවත් පාර්ශව ඉදිරියේදී කැඳවන බව සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම විමර්ශනවලින් අනතුරුව රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සාධකවූ කරුණු අනාවරණය කරමින් සහ බංකොලොත්භාවය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර නිර්දේශ කරමින් වාර්තාවක් පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බංකොලොත්භාවයට ලංකාවෙ තියෙන රටට වඩා පක්ෂය ඉහලින් සලකන පක්ෂ ක්‍රමයත් හේතුවක් වුනා කියලා කියන්න අවශ්‍ය නැහැ එක් පක්ෂයක් කරපු වැඩ ඊළඟට පත්වෙන පක්ෂයේ එවුන් නොසලකා හැර උන්ට අදාළ වැඩක් කරනවා උදාහරණයක් හැටියට කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ගනිමු ඒවගේ තවත් කොපමණ තිබේද රැකියා දීම සුදුසුකම් ඇති එකාට වඩා පක්ෂය සදහා කඩේ ගිය එකාට තමයි කලේ ඉතින් එහෙම එවුන් ඊළඟ ආණ්ඩු කාලයේ වැඩකලේ රජයට විරුද්ධව තමයි මාණ්ඩලික නිළධාරින්ට දේශපාලන කටයුතු තහනම් වුනත් එක කාලෙක පරිපාලන සේවයේ අයත් රජයට විරුද්ධව පෙළපාලි ගියා ඉතින් කොහොමද රට ප්‍රපාතයට යාම නවත්වන්නෙ.ඒ නිසා ලංකාවෙ පක්ෂ ක්‍රමය වෙනසක් කරන්න ඕන දෙවනුව දීප ව්‍යාප්ත සේවා හා සුව සේවා සහ අධ්‍යාපන අංශවලට දේශපාලන කටයුතු තහනම් කරන්න ඕන දේශපාලන කටයුතු කරන්න ඉදිරිපත් වෙන සියලු නිළධාරින් හා සේවකයින් සේවයෙන් ඉවත්කරන්නම ඕන එහෙම නැතුව දැන්නම් අපිට ලංකාව හදන්න කෙසේවත් බැහැ දේශපාලනය කරන්න ඕන කෙනා රජයේ රැකියාවක් සදහා නොගොස් දේශපාලනය කලානම් ඉවරයි නේද
රාජපක්ෂ පාලනය ආර්තික බන්කොලොත්භාවයට හේතු සාදක වුන බව 69 ලක්ශයක්ම ඉතා පැහැදිලිවම දැන් දැනගනයි ඉන්නෙ. අය ඒකෙ හොයන්න දෙයක් නෑ.
උනේ මොකක්ද කියල ඔය විද්වතුන්ට වඩා රාජපක්ෂලා හොඳට දන්නවා ? රුපියල් නැති උනේ රාජපක්ෂ දෙබැලෝ කරපු තක්කඩි ඔලමොට්ටල වැට් බදුඅදය්ම් ,4% කින් අඩුකරපු , සහ දැවැන්ත සිනිබදු වංචාවෙන් , තිබ්බ ඩොලර් ටික නැති උනේ කොවිඩ් අර්බුදයේදී ,රුපියල බාල්දුවෙන්නේ නැ කියල රටටම ලොකු ප්‍රෝඩාවක් කරන්න ,(ඩොලර් එක 202 තියාගන්න ) ,මහබැංකුවේ තිබ්බ බිලියන 7ක ඩොලර් සංචිතයයි ,රත්රන් සංචිත ටිකයි එලියට දාපු නිසා . එදා ඉඳන් රාජපක්ෂලා ,රනිල් ල කරේ රටේ දියුණුවට වැඩ කරනවට වඩා රට ප්රපතෙටම වැටෙන්න ඉඩදීලා බොරු නුල් සුස්තර මිනිසුන්ට පෙන්න පෙන්න තමන්ගේ දේශපාලන පැවැත්මට කරපු තක්කඩි කම් විතරයි
දේශපාලන වැරදි තීන්දු හින්දා බංකොලොත් උනේ. ඒක හංගන්න හදන්නේ ඔය. ලලිතසිරි වගේ 29ක් ගෙන්නන්න ඇති . බලු වැඩ කරලා ප්‍රධාන හේතුව හංගන්න එපා. රටයි විනාස වෙන්නේ.
රටෙ ආර් ථිකේ චෞරම උනෙ 2009 යුද්දෙ ට පස්සෙ..පාලනය කරපු බූරුවන්ට කිසිම අවබොදයක් තිබුනෙ නැහැ අර්තිකෙ කොහෙ යනවඩ කියල.
නාසයේ දිගට වඩා එහා ගොස් හිතන්න, දකින්න බැරි මරි මෝඩයින් ප්‍රචලිත කරන්නට උත්සාහ කරන "රාජපක්ෂලා පමණක් හොරා කෑ නිසා රට වැටුණා" වැනි තකතිරැ, අමනෝඥ කතාවලට හොඳ පිළිතුරක්.
පිටින් අය ගෙන්නලා අහන්න ඕනේ නැහැ... අර ලෝක ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන Bloomberg හි දාපු ලිපියක් තියනවා "බලගතු රාජපක්ෂ පවුල මාස 30න් රටක් බංකොලොත් කරපු හැටි" කියලා " ඒක ගිහින් කියවන්න අන්තර්ජාලයේ හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්...
රට ආර්තික වශයෙන් බංකොළොත් කෙරුවේ දූෂිත පවුල් පාලනේ අය, වටේ හිටපු දූෂිත දේශපාලුවෝ. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා. නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයෝ කරලා අද වෙනකොට හිගාකන ජාතියක් බවට පත්කරලා හමාරයි .