
දකුණු දිග පාකිස්තානයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
කරච්චි නුවර සිට ඇබොට්ටාබාද් නුවර තෙක් ධාවයවූ හසාරා නම් මගී දුම්රිය පීලි පැනීමෙන් මෙම අනතුර සිදුව ඇත.
දුම්රිය මැදිරි 8 ක් දුම්රිය මාර්ගයෙන් පිට පැන පෙරළී ඇති අතර, මැදිරි තුළ සිරවුණු පිරිස බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරීමට සිදුවු බව ද ගලවා ගැනිමේ කණ්ඩායම් කියයි.
දුම්රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd