(අංජුල මහික වීරරත්න)
පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත .
දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.
ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.
එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.
එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.
එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදුවීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍යවීමත් නිසා ඔහු රජයේ තක්සේරු මුදලට වඩා අධික මුදලක් ඉල්ලන්නේ නම් මේ පිළිබඳව දන්වා "ජාතික අවශ්‍යතාවයන් ඉටුකිරීම" වෙනුවෙන් අධිකරණයට ගොස් නොමිලයේම එම ඉඩම හරහා විදුලි රැහැන් යෙදවීමට මසක් ඇතුළත අවසන් කිරීමටත් මෙම කාරණය අත්‍යාවශ්‍ය ජාතික අවශ්‍ය තත්වයන් සේ සලකා අධිකරණය මගින් ලබාදෙනු ඇත. මුදලක් ලබාදීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂයක් වැනි මුදලක් ඉඩම් හිමිකරුවාට ලබාදීමට රජයට අධිකරණය අවසන්ව ලබාදෙනු ඇත. මුලිකව එකඟ වූ මිලියන 1.6ක් මුදල මිලියන 9.6 කින් වැඩිකිරීමට හේතුව කිසියම් දුෂිත ගනුදෙනුවක් සිදුවනවාද යන්න සැකයක් මතුව තිබේ.
අතීතයේ ඔහොම විරුද්ධකම් පාපු බොහොම ඉඩකඩම් ආයතන ජනතාවගේ සුබසිද්ධිය සඳහා රජයට පවරාගෙන තිබෙනවා. විදුලි රැහැන් යන කොරිඩෝව රජයට පවරාගෙන විදුලි රැහැන් ඇද තේ වගාව කරගෙන යන්න ඉඩ දෙන්න. ඔවා ව්‍යාපෘති නවත්තන්න තරම් ප්‍රශ්න නොවෙයි...
බොහොම කලකට පෙර එක් නගරයක මගේ හිතවත් අයෙකුට දෙමහල් ගොඩනැගිල්ලක් තිබුණා එයට යාබදව මුස්ලිම් මුදලාලි කෙනෙකුට අයත් තනිමහලේ කුඩා ගොඩලැගිල්ලකුත් තිබුණා. ඉතින් මාර්ගය පුළුල් කිරීමට මේ දෙකම පවරා ගත්තාට දෙමහල් ගොඩනැගිල්ල සඳහා සුලු මුදලක් හා අනෙක් ගොඩනැගිල්ල සඳහා අතිවිශාල මුදලක් තක්සේරු දෙපාර්තමේන්තුව නියම කළා.. මෙතැනත් එහෙමයි කියලා පැහැදිලියි.. අන්තිමේ මගේ හිතවතා අධිකරණයට ගොස් සාධාරණයක් කරගත්තා. බොහෝවිට විදුලිබල මණ්ඩලය ඉතාමත් අසාධාරණ වැඩ කරනවා කියලා කියන්න සාක්ෂි තියෙනවා. තේ වත්තක් කියන්නේ විදේශ විනිමය උපයන රැකියා සපයන ආයතනයක් කියලා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නෝ නොදන්නවා වුණත් නුවනැත්තෝ හොඳින්ම දන්නවා අයිතිකරුගේ ඉල්ලීම සාධාරණයි..
විදුලි මණ්ඩලේ වැඩ ගැන නම් කතා නෑ, හොඳම එක අලුතින් හදන සෝලා විදුලි ජනන පද්ධතිවල යුනිට් එකට ගෙවන ගාන රු.32යි... පරණ සෝලා විදුලි ජනන පද්ධතිවල යුනිට් එකට රු.22යි. එතකොට පරණ සෝලා විදුලි ජනන පද්ධති වලින් එන්නේ බාල විදුලි බලයක් අලුත් ඒවා ජනනය කරන්නේ ඉහළ බලයක් එහෙමද? එහෙම නම් පරණ බලාගාර වලින් දෙන යුනිට් වලට ගෙවල් වල මිනිස්සු ගෙවන්න ඕන පරණ ගාන නෙවෙයිද? මේ රටේ කිසිම දෙයක් ඉස්සරහට නෙවෙයි යන්නේ පස්සටම තමා. විදුලිබල මණ්ඩලේ මෙතැනත් කරනවා ඇත්තේ අසමජ්ජාති වැඩක්...
වතු හිමියා දේශපාලනයට සම්බන්ධ නැහැ... ඒකයි වැඩේ...!
මම මේ වත්ත දන්නවා දෙනියාය ආසනේ, ලස්සන වත්තක්. අයිතිකාරි සමගි ජන බලවේගයේ. ඉතිරි ටික ඕගොල්ල හිතා ගන්න.