
(යොහාන් භාසුර)
වාහන වායු විමෝචන සහතික (දුම් සහතික) නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිකිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව , මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇති බවත් එම නිලධාරියා කීය.
එම මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැන් මහා පරිමාණ හොර ගුහාවල් වෙලා... සල්ලි දීලා ඕනෙම වැඩක් කරගන්න පුළුවන්...
තේරුමක් නැති දෙයක්... එක්කෝ ටෙස්ටින් නොමිලේ කරන්න ඕනෑ... පුදුම දුකක් විඳින්නේ මේ රටේ මිනිස්සු...
ලෝකයේ වැඩිම රථවාහන තියෙන ඇමරිකාවේ දුම් පරීක්ෂණ කරන්නේ නැහැ. අපිත් ඕක නවත්තලා දාන්න තියෙන්නේ...!
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න උපාධිධාරී නිලධාරීන් ඔක්කොම කලා උපාධිය ගත්ත වැඩිපුරම බාහිර උපාධිය ගත්ත අය. ඔවුන් මොනවද වාහනවල විමෝචනය සම්බන්ධව දන්නේ? එයාලාට ජරාව කන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් වගේ?
රජයේ වාහන වලට එක නීතියක්... පුද්ගලික වාහනවලට තව නීතියක්... පාරේ දුවන අබිලි රජයේ වාහන දුම් වලාකුළු පිටකරන් ගියත් ඒවාට නීතියක් ක්‍රියාත්මක වෙන පාටක් නම් නැහැ.
පුද්ගලික අංශයේ සමහර ලොරි යනවිට ගල් අඟුරු කෝච්චි මතක්වෙනවා... ඒත් ඒවත් දුම් සහතික ඉදිරිපත් කරලා වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන තියෙනවා... ඇත්තටම මහත්වරුනි, ගමනාගමන මණ්ඩලයේ බස්වලින් පිටවෙන දුමෙන් හානියක් වෙන්නේ නැද්ද? ප්‍රවාහන කොමසාරිස්තුමා මොකද කියන්නේ අප බලාගෙන ඉන්නවා...!
ඕවා වහලා දාන්න.... එහෙම නොමැතිනම් 250CC වලට අඩු ත්‍රිරෝද රථ, කුඩා යතුරු පැදි සහ අවුරුදු 40කට වඩා පැරැණි වාහන ඕකෙන් නිදහස් කරන්න.