
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියට මහනුවරින් ගෙඩ වූ චීන කතක අවට පරිසරය දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගය අයිනේ ගලක්මත සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව , ඇයගේ සැමියා සහ දියණිය සමග ඇල්ල දුම්රිය ස්ථානය ගමන් කරන අතරවාරයේ සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කර ඇත.
නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර ඇත.
එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර , පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුරකතනය උදුරගන්න චීන කතට පොල්ලකින් ගහලා
Nimal Monday, 07 August 2023 01:03 PM
මෙවැනි වැරදි වලට දිගු කාලීන සිර දඩුවම් පෙනවිය යුතුයි..
rana Monday, 07 August 2023 01:07 PM
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් මේවගේ කාලකන්නින්ව තුරන් කරලා ඉන්න ඕන පළමුවෙන්ම . වෙස්වලාගෙන යමින් මෙවැනි ත්‍රාඩයින්ව අල්ලාගෙන උපරිම දඩුවම් දෙන බලකායක් පිහිටුවිය යුතුයි . විදේශීය විතරක් නෙවෙයි දේශීය සංචාරකයින්ටත් මේවගේ අපතයින්ගෙන් ගොඩක් හිරිහැර වෙනවා . නමුත් බලධාරීන් නිදි .
de silva Monday, 07 August 2023 02:29 PM
අනිවාර්යයෙන්ම මතක හිටින පාඩමක් උගන්නන්න ඕනේ මෙවැනි අයට...
Always break down Monday, 07 August 2023 02:47 PM
චීන ගූ පොහොර හොරාගේ උදවියටද දන්නේ නැහැ?
Perera Tuesday, 08 August 2023 12:09 AM
පොහොට්ටුවෙන් ලබන චන්දෙට ඉල්ලන්න මූලික සුදුසුකම් සපුරලා