IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’රට වෙනුවෙන් අපිත් සූදානම්’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන්  සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරුන් වෙනුවෙන් දැයි මෙහිදී ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මුලින්ම පළාත් සභා පළාත් පාලන ඡන්ද පවත්වා ජනවරමක් සමග මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද  ප්‍රකාශ කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ  දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා  මෙසේද සඳහන් කළේය.

ඔබතුමා මේ රටේ ජනවරමට ඉඩක්  දෙන්න. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  හඬක් නැගුවා. විපක්ෂයේ ඉඳිද්දි  නැඟූ හඬ දැන් වෙනස් වෙන්න බැහැ. ප්‍රතිපත්තිගරුක වෙන්න. මැතිවරණයකට ඉඩක් දෙන්න. ජනපීඩක ක්‍රියාදාමයෙන් වලකින්න. රාජ්‍ය භීෂණයෙන් රාජ්‍ය මර්දනයෙන් වැළකෙන්න කියලා මම ඉල්ලනවා.

විපක්ෂය හැම වෙලාම විපක්ෂ වෙන්නේ නැහැ. සාධනීය දේවල්වලදි අපි පක්ෂපාති වුණා. ඔබතුමා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අප ප්‍රගතිශීලී ව හිතනවා. අර තවාන් ටික මැරෙන්න දෙන්න එපා. මැතිවරණයක් නොමැති වීම තුළ. වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඒ ජනවරමත් එක්ක මේ සංශෝධන ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්.

ඔබතුමා යම් යෝජනා අදහස් කෙටුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියනව. ඔබතුමාගේ යෝජනා පරීක්ෂාකර බලලා සද්භාවයෙන් කටයුතු කරන්න සූදානම්. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරු සඳහාද. අද පළාත් සභා එකකටවත් මහජන නියෝජිතයන් නැහැ. අද තවාන් මැරිල. ඡන්ද එකක්වත් නැහැ. අද ඡන්ද භීතිකාවක් තියෙනවා. ජනවරමට ඉඩක් දෙන්න. පළාත් සභා පළාත් පාලන සියල්ල අද තියෙන්නෙ විධායකය යටතේ. ඔබතුමා පත්වුණේ 134 ක පාර්ලිමේන්තු වරමින්. ජනවරමට ඉඩක් දෙන්න ඔබතුමාට පැහැදිලි වගකීමක් තියෙනවා.



අදහස් (6)

’’රට වෙනුවෙන් අපිත් සූදානම්’’

Rata Perata Wednesday, 09 August 2023 02:10 PM

සම්පූර්ණ ඇත්ත...

:       12       25

මැක්ස් Wednesday, 09 August 2023 03:30 PM

මොන ඇත්ත ද පෙරට! කවුරුත් බලන්නේ බොරදියේ මාළු බා ගන්න. රනිල් මහත්තයා බලන්නේ තව ටිකක් මෙහෙම ඇදලා, සුළු ජාතිවාදී දේශපාලන නායකයින්ට කප්පම් වශයෙන් 13 දීලා බලය ලබා ගන්න. සජිත් මහත්තයලා අනුර සහෝදරයලා මැතිවරණ ඉල්ලන්නේත් රටට නෙවෙයි, තමන්ට ආදරේට. මේ වෙලාවේ මිනිස්සුන්ට අමාරුයි. ආර්ථික අර්බුදය ආවේ කොහොමද කියන එක ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නෑ නමුත් අනුර, සජිත් මහත්තුරු කියන දේවල් විස්වාස කරනවා. නහයේ දිගට විතරයි හිතන්න පුළුවන් ඉතා වැඩි පිරිසකට. එතකොට විපක්ෂයට වාසියි. ඒ නිසා විපක්ෂ උදවිය මැතිවරණ දියව් කියලා කෑ මොර දෙනවා. ජන බලේ කට්ටියයි, සජිත් පිලයි හරි හරියට මිනිස්සුන්ට සුරංගනා කතා කියනවා. දැක්කනේ ඊයේ පෙරේදා ජනබලේ මහාචාර්ය නෝනා කෙනෙක් කියපු මොන්ටිසෝරි කතාව. කවුරුත් සුරංගනා කතා, බොරු පොරොන්දු දෙනවා. හැමදාමත් උණු දේ අදත් වෙනවා. සරලයි. එච්චරයි.

:       0       10

මහසෙන් Wednesday, 09 August 2023 02:37 PM

උදේ වරුවේ පාර්ලිමේන්තු ව ඇතුලේ.කයිවාරු ව සහ පම්පෝරිය.එලියට ඇවිත්.මයික්.ටික.දික්කල ගමන් රට ජාතිය බේරාගන්න පුතාණෝ .

:       8       11

chandrarathna Wednesday, 09 August 2023 04:15 PM

දැන් ආයෙත් රනියාට පක්කලිකම් කරන්න වගෙයි... ඇයි ඒ කාලේ නිධන් කඩපු ෆයිල් උඩට ඇවිල්ලද? අපිට ආරංචියි පොහොට්ටුවොයි රනියයි සජියායි තුන්දෙනාම සංධානයක් හදන්න යනවා කියලා. හැබැයි මේ රටේ මිනිස්සු ආයෙත් ඔයාට ඡන්දෙ දෙන්නේ නැහැ...

:       3       4

SISIL Wednesday, 09 August 2023 04:37 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සහ දේශපාලන වේදිකාවේ කුමක් කීවද ඔහු අසාර්ථක වගකීමක් ගැනීමට නොහැකි දේශපාලකයෙක් බව ඔප්පුකර අවසන්...!

:       0       12

Perera Friday, 11 August 2023 06:39 AM

අපොයි ඔව්.මෙයාලගේ සූදානම ..අපිට ඉතින් පදිංචි වෙන්න වෙන රටවල් හොයාගන්න සූදානම් වෙන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site