IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉවත් කළ ඖෂධ තොගයක් හොද ඖෂධ සමඟ තියලා

(දයාරත්න ඇඹෝගම)

භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813 කට අධික ප්‍රමාණයක්  තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය  ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා  තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි.

භාවිතයෙන් ඉවත්කළ එම ඖෂධ වල නම්.නිෂ්පාදිත දිනය.එම ඖෂධ ගබඩාවට ලැබුණ දිනය,කල් ඉකුත් වු දිනය සහ ප්‍රමාණය යනාදි තොරතුරැ දෙපාර්තමේන්තුව සතුව නොතිබු බවද විගණන වාර්තාවේ සදහන්ය.

එසේම කල් ඉකුත්වු ඖෂධ වර්ග 75 ක් සහ ශල්‍ය උපකරණ 83 ක් 2018 වර්ෂයේ සිට ඒකි ගබඩාවේද 2017 වර්ෂයේ සිට කල් ඉකුත්ව තිබුන ආයිතම 124 කට අදාළ ඖෂධ ඒකක 294,813 ක් පොළොන්නරැව සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගබඩාවලද පැවති බවද විගණන වාර්තාවේ සදහන්ය.

ඇස්තමේන්තු නොකළ හා ඉල්ලා නොතිබුණු නමුත් 2020/2021 වර්ෂවල ලැබි තිබුණ ඖෂධ වලින් කල් ඉකුත් වි ඇති ඔසු වර්ග 1684 ක් අනුරාධපුර ප්‍රාදේශීය ඖෂධ ගබඩාවේ සාමාන්‍ය ඹෘෂධ සමග ගබඩාකර තිබු බවද විගණකාධිපතිවරයා විසින් උතුරැ මැද පළාත් ආන්ඩුකාරවරයාට යොමු කරන ලද විගණණ වාර්තාවෙන් අනාවරණය කොට තිබුණි.

භාවිතයෙන් ඉවත් කළ ඖෂධ වර්ග සාමන්‍ය ඹෘෂධ තොග සමග එකම ගබඩාවේ ගබඩා නොකළ යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දි තිබේ.



අදහස් (3)

ඉවත් කළ ඖෂධ තොගයක් හොද ඖෂධ සමඟ තියලා

namal Wednesday, 09 August 2023 01:49 PM

බාල ඖෂධ ගෙන්වපු අයටයි ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහළ වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝටික ඇවිස්සෙයි.

:       2       4

ravin Wednesday, 09 August 2023 02:19 PM

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර විගණන අංශයක් නැතිද? නැතිනම් ඒකත් ඖෂධ මාෆියාවේ කොටසක්ද?

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 09 August 2023 02:23 PM

පුදුම ආත්මාර්ථකාමීන්ගෙන් පිරුනු රටක් ලංකාව. නිවාඩුවකට පමණක් ගොස් වැඩිකල් නෙඉද වේගයෙන්ම පිටවියයුතු රටක්. මෙවන් රකට හැදෙන ලමයිට කුමන ගතිගුන පිහිටයිද..?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site