(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා පනත  සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය.