(ඉන්දිකා රාමනායක)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද (10) නාහාහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු භාවිතා කළ රුපියල් කෝටි 2 ට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
භාවිතයට නොසුදුසු බවට නිර්දේශ කරමින් ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 400 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථ වංචාවක් එළියට
විපරමා Thursday, 10 August 2023 05:29 PM
මෝටර්රථ ප්‍රවාහන දෙපර්තමේන්තුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සුලු සේවකයා පටන් ඉහළ නිලදාරීන් ගෑණු පිරිමි භේදයක් නැහැ. ඉන්නේ පගාකාරයෝ.
නිමල් Thursday, 10 August 2023 07:44 PM
සේවකයින් මේ බඩපිනුම් ගසන්නේ තොරතුරු තාක්ෂණ ආරක්ෂණ controls නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන දැන හෝ නොදැන අසමත් හෙයින්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාර්තා වූ ප්‍රථම පරිගණක දත්ත නිරවද්‍යතාව කඩවීම මෙය නොවෙයි...
සෙනෙවිරත්න Thursday, 10 August 2023 07:46 PM
කෝ මුරපද, පියන්ලාටත් දෙනවාද සිස්ටම්වල පාස්වර්ඩ්? මරු ආයතන... මෙහෙමවත් රටක් තියෙනවා ඇති...
කරුණාරත්න කිරිඇල්ල Friday, 11 August 2023 06:13 AM
2015 වර්ෂයේ යතුරු පැදියක් හිමි අයෙක් මියගියා .ඉතින් මියගිය කෙනාගෙ බිරිඳගේ සහෝදරයා එම යතුරු පැදිය පාවිච්චියට ගෙන ගියා. මිය ගිය අයගේ පුතා අවුරුදු 18සම්පූර්ණ වෙලා .යතුරු පැදිය ඉල්ලුවා. ඒ වෙලාවෙ බලනකොට අප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක් ව්‍යාජ ලිපියක් සකසා යතුරු පැදිය පදින්න ගෙන ගිය පුද්ගලයා නමට හරවා තිබුනා. RMV මෙහෙම නම් ඇත්තටම තවත් කාලයක් ගියානම් යතුරු පැදිය හොරෙන් විකිණීමට කිසිම ගැටලුවක් නැහැ. ලියාපදිංචි වාහන හිමියන්ට ආදායම් බදු පනවා කියන නිසා මේවා තවත් වෙන්න පුළුවන් ඇත්තටම රටේ ඉහළම ආදායම් ලබන පුද්ගලයින් සුඛෝපභෝගී වාහන පදිනවා දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර හා රජයේ ආධාර ගන්නවා ඒවාට මෙහෙම දේවල් හේතුවක් වෙනවා ඇති