IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිබල මණ්ඩලයේ 2023-2030 සම්ප්‍රේෂණ සැළැස්ම ඇමතිට දෙයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම අද (10) භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාර්ගවල පුළුල් කිරීම් හදුනාගැනීම, ඉදිරියේදී ඇතිවන විදුලිබල ඉල්ලුම සැපයීමට අවශ්‍ය කරන පුළුල් කිරීම් හදුනාගැනීම, දීර්ඝකාලීන විදුලිබල උත්පාදන සැළසුම වෙනුවෙන් අවශ්‍ය කරන විදුලිබල සම්බන්ධ කිරීම් පුළුල් කිරීම, පද්ධතිය  ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අළුතින් ඉදිවන විදුලිබල ජාල සම්බන්ධතා මෙන්ම විදුලිබල පද්ධතියට ඇතිවන පීඩාකාරී බලපෑම් නිවාරණය වෙනුවෙන් අපවර්තකයක් ලෙස විචල්‍ය පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සපයාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා කීය.  

එම කාලය තළ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැළසුම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා එම සැළැස්ම ඇමතිවරයාට භාරදුන්නේය. 



අදහස් (3)

විදුලිබල මණ්ඩලයේ 2023-2030 සම්ප්‍රේෂණ සැළැස්ම ඇමතිට දෙයි

chamara Thursday, 10 August 2023 05:44 PM

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් සමග පැමිණ ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම ලබාගැනීමේ අවස්ථාව...!

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 07:27 PM

දැන් ඕක අතේ තියාගෙන කල්පනා කරයි කීයක් ගහන්න පුළුවන් කියලා...

:       0       0

සල්ලි Friday, 11 August 2023 07:53 AM

පවු අසරණ මොලකාරයෝ මහන්සි වෙලා රිපෝර්ට් හදලා ගොන් නාම්බන්ට බාර දෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site