(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උඩවලව ගොවීන්ට වතුර ලබාදීම පමාවීම නිසා දැන් සිදුවෙමින් තිබෙන්නේ ගොයමත් මැරී මිනිසුනුත් මරා ගන්න තත්ත්වයට පත්ව තිබීම යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අවාසනාවන්ත ලෙස වූ මේ ප්‍රමාදවීම නිසා දැන් ගොවි ජනතාව අතර ගැටුම් ඇති වී මරාගන්න තත්ත්වයක් ඇතිවී තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා උඩවලවේ ගොවීන්ට සාමකාමී අයුරින් ජලය බෙදා දීමේ කටයුත්තට මැදිහත් වන ලෙස නිලධාරීන් දැනුවත් කර තිබෙන බව සඳහන් කළේය.
නමුත් අවාසනාවන්ත තත්ත්වය පිළිගන්නට සිදු වී තිබෙන බව කී අමාත්‍යවරයා අවසානයේ ජනාධිපතිතුමා මේ කටයුත්තට මැදිහත් නොවුණා නම් තවමත් මෙම ප්‍රශ්නය විසඳා ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙන බව කීය.
උඩවලවට ලබා දෙන ජලය ප්‍රමාණවත් නොවීමෙන් ගොවීන් අතර ගැටුම් ඇති වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
’’අන්තිමේ ගොයමත් මැරිලා මිනිසුනුත් මරා ගන්නවා’
Hafeel Thursday, 10 August 2023 04:08 PM
මේ ගැටළුව කලින් තේරුම් අරගන තමයි එදා 2004 දී අනුර කුමාර දිසානායක මැතිතුමා විද්‍යාත්මක අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශ හතරම ඇතුමා යටතට ගත්තේත්. දැන් බලන්න වෛද්‍ය රමේෂ් පතිරණට සෞක්‍ය වනුවට වතු. හැබැයි ගඟේ මුට්ටි හලන පවිත්‍රාට සහ වහලෙන් පනින කෙහෙලියට සෞඛ්‍ය. මේක තමයි රනිල්ගේ සහ ගෝඨාබයගේ විද්‍යාත්මක අනුව වගකීම් පවරන්න හැටි.
සල්ලි Friday, 11 August 2023 07:14 AM
කාරණා කෙසේ වෙතත් ඇමටියා සතුටෙන්. වෙනින් රටක නම් ඉල්ලා අස්වෙලා.