(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ වගන්ති 15 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක වරයාට දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කෙරිණ.
එම පනත් පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනුකූල නැති අතර අවශ්‍ය විශේෂ බහුතරය සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කළ හැකි බවද එම තීන්දුවේ දැක්වෙන්නේ යැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.
පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්තිවල ආයුර්වේද භෛසජ්ජක සහ භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනුකූල නැති බව අවසන් වනු ඇතැයි නිවේදනයේ සඳහන් වේ.
පනත් කෙටුම්පතේ 46(4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවද එම තීරණයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද පනතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට පටහැනියි
Shantha Thursday, 10 August 2023 04:33 PM
කතාව 13 වෙනස් කරන්න. ඒ වුණාට ආයුර්වෙද පනතක්වත් හරියට හදා ගන්න බෑ...
Bunny Preena Friday, 11 August 2023 09:59 AM
පනත හදපු එකාලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවයි කියලා දන්නෙම නැතිද .මේවගේ ගොන්නුන්වද පාර්ලිමේන්තුවට පත්කරගෙන තියෙන්නේ