IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි

(අංජුල මහික වීරරත්න)

මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට  දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය කිසිදා නොවූ විරූ අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස  ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා බැලුවේ නැතැයි ද ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුයේ යැයිද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම  පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.



අදහස් (8)

අර්බුදයට හේතුව නායකයන් පසුබට වීමයි

Nimesh Thursday, 10 August 2023 04:13 PM

පින්පති කියනවා අපි අහනවා, හැබැයි ඉතින් එයාගේ යහපාලන කාලේදී තමයි 130ට විතර තිබ්බ ඩොලර් එක සීග්‍රයෙන් කඩාවැටෙන්න පටන් අරන් 200ත් පැන්නේ...!

:       0       0

saman Thursday, 10 August 2023 04:24 PM

රටට දරන්ට බැරි විදියට විදේශ ණය ගත්තෙත් ඔය කියන දේශපාලන නායකයින්ද?

:       0       0

නිමල් Thursday, 10 August 2023 04:39 PM

පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණු කෙනා, යුද්ධයෙන් පසු මන්දගාමිම ආ.ව වේගය සහිත පාලකයා, මහ බැංකුව කඩන් යනකල් බලන් හිටපු එකා. ලංකා ඉතිහාසයේ අඩුම කාලයකදී වැඩියෙන්ම ණය ගත් පාලකයා කියන කතාව..

:       0       0

Kamal Thursday, 10 August 2023 05:09 PM

මම ඇතුළු කියලා නැද්ද?

:       0       0

චන්දිම ෆොන්සේකා Thursday, 10 August 2023 05:10 PM

මානව ප්‍රාග්ධනය ආච්චිගේ තට්ටේ තමයි. යමක් කමක් කරන්න ඉගෙන ගත්තු තරුණ තරුණියෝ දහස් ගණන් පෝලිමේ රට දාල පැනලා යනවා. ඔවුන්ට මෙහේ ගෙයක් දොරක් වාහනයක් අරගෙන මිනිස්සු වගේ ජිවත් වෙන්න පුළුවන්ද? හම්බ කරපු එකෙන් හුරලා බදු ගහන කොට. මෙයා දන්නා නිවැරදි තීන්දු කියන්නේ වංචා දුෂණ නතර කරන එකවත් ඒවා කරපු අයට දඬුවම් ලබා දෙන එකවත් නෙමෙයි, පාගලා මිරිකලා මිනිස්සුන්ගේ පඩි කපා ගන්න එක, බදුගහන එක ලයිට් වතුර බිල් දහස් ගණනින් ඉහළ දාන එක, ඒ අතරේ ඒ අයගේ සුඛ විහරණය ඉහළින්ම සපුරා ගන්න එක, අනාගත පරපුරට කිසි සම්පතක් ඉතිරි නොකර ඔක්කෝම විකුණා දාන අන්තිමට අර ඒ දවස්වල කළා වගේ අරමුණක් නැති අයාලේ ගිය ගම්පෙරලියද මොකද්ද බහුබුතයක් කරලා නයට සහ හම්බන්තොට වරාය වගේ දේපල විකුණලා ගත්තු හැම ධනස්කන්ධයක්ම සුන්නත් දුලි කරලා දැම්මා වගේ විනාශ කරලා දාල තවත් රට ඉදිරියේදී පල්ලමටම දාන එක තමයි. ඔයාගේ ඒ දවස්වල ගම්පෙරලියට මොකද වුනේ හැබෑවටම?

:       0       0

ගමේ එකාලා Thursday, 10 August 2023 07:44 PM

රට පාලනේ කරපු හැම නායකයෙක්ම ඊට වග කියන්න ඕනේ. දූෂිත දේශපාලුවන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු එකයි කෙරුවේ...

:       0       0

සල්ලි Friday, 11 August 2023 07:12 AM

එයාටත් දැනුයි තේරිලා තියෙන්නේ මහජනතාව පැත්තට වැරැද්ද පටවන්න බෑ කියලා . නල්ල මලේ බබ්බු මුන් .

:       0       1

Bamunuarachchi Friday, 11 August 2023 03:06 PM

එයාට අමතකයි, එයා කීපවතාවක් මේ රටේ අගමැති වෙලා හිටියා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site