
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)
වස්කඩුවේ ලී මෝලක හටගත් ගින්නකින් එහි ලී බඩු විනාශ වී ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මහ වස්කඩුව ගාලුපාරට යාබදව පිහිටි ලී මෝලක ලී පදම් කරන බොයිලේරුවේ රාත්‍රි 9.30 ට පමණ ගින්න හටගෙන ඇති බවද පොලිසිය කීය.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ළගාවී ගිනි භටයන් දස දෙනකු පමණ එක්වී ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
කළුතර උතුර පොලිසිය සහ ප්‍රදේශවාසින් ගින්න පාලනය කිරීමට සහය ලබාදී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇතිව බවත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd