(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ විසි එක්වන සැතපුම් කණුව හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්දිය ආසන්නයේ තිබී සැක කටයුතු අන්දමින් මිය ගිය තරුණයින්ගේ මළ සිරුරක් අද (12) අළුයම සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කන්දකැටිය බදුලු ඔය හැවන්දාන කිරිවැල්කැටිය පදිංචි දිසානායක මුදියන්සේලාගේ නන්දන කුමාර නැමැති අවුරුදු විසි හයක් වයසැති තරුණයෙකි.
මොහු අළුයම් කාලයේ මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න මෙන්ම මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති වූ අතර අද (12 )දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd