
(අංජුල මහික වීරරත්න)
එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබියදී සමනල වැව ජලාශයේ ජලය ගොවිතැන් කටයුතුවලට යැයි කියමින් මීට මාසයකට පෙර අවිධිමත් අයුරින් මුදා හැරීම ගැන සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
සමනළ වැව ජල ප්‍රශ්නයට හේතුව අනවශ්‍ය වේලාවක දී ජලය මුදා හැරීම බවට ලංකා විදුලිබල මණ්ඩල බලධාරීන් විසින් කර ඇති කරුණු දැක්වීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වාර්තාව කැඳවා ඇත.
උඩවලව ජලාශයේ ජල ගැටලුවක් නොමැති අවස්ථාවක සමනල වැව ජලාශයේ වතුර මුදා හැර ඇති බවට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ.
එසේම උඩවලව ජලාශයෙන් පෝෂණය වන අක්කර 25000ක් වන කොටසේ අක්කර 13000 ක් වී වගාවටත් ඉතිරි අක්කර 12000 අනෙකුත් භෝග වගාවන් වෙනුවෙනුත් වෙන් කර වගා කරන ලෙස කෘෂිබලධාරීන් උපදෙස් දී ඇත්තේ මේ එල්නිනෝ කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනය.
එහෙත් මුළු අක්කර 25000 ක භූමියේම වී වගා කළේ කවර අරමුණකින් ද කාගේ උපදෙස් අනුවද යන්න සොයා බලා වාර්තා කරන ලෙස ද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.
(ඡායාරූප රෝහණ සමරවීර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජලාශවල වතුර හින්දන්නේ ඔය කියන බල මණ්ඩලයේ කට්ටියගෙ අනුදැනුමෙන්... හදිසි මිලදීගැනීම් වලට යන්න. එතැනින් ඔය නිලධාරී නඩේටම කොමිස්නේ.... මල්ල කරේ, කට කනේ.
ජෙප්පන් තමයි ඉතින්...!
හොඳට හොයලා බලන්න. ජලාශවල වතුර පිරිලා ඉතිරිලා ගිහින් මාසෙන් කියනවා වතුර නෑ ලු. පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේදී ඇතෙක් බරට වස්තුව ලැබෙන නිසා යම් යම් දේ සිදුවන වග වාර්තා වලින් දැනෙනවා...