
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උපරිම සහයෝගය දෙන බව අද (11) පැවසීය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය පාණ්ඩේ මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැති හමුවේදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එසේ පැවසීය.
ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ඇකුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාහු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd