අස්වැසුම ගැන සජිත් කතා කරයි රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 26 June 2023
කෝටි 300ක ඖෂධ දෙයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකා ඩොලර් මිලියන 1.1ක) අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 26 June 2023
විපක්ෂය චෝදනා කරන්නේ සත්‍ය වහගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට ඩොලර් මිලියනයක් නොතිබූ තිබූ රටක් බාර ගෙන බව කිසිවිටෙක අමතක කළයුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 June 2023
ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා ඇරැඹෙයි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLFTA) පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය අද (26) කොළඹ දී ආරම්භ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 26 June 2023
ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ. ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. 26 June 2023
පොහොර වවුචර්වල වලංගු කාලය දිගු කරයි මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26) තීරණය කළේය. 26 June 2023
‘අස්වැසුම’ට එරෙහිව ‘පොහොට්ටුව අවිගන්න සූදානම් සමෘද්ධි ප්‍රතිලාභය ලැබිය යුතු පවුලකට අභියාචනා කළ ද නොලැබුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා පෙනී සිටින බවත් ‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 June 2023
රත්නපුරේ අනතුරු වැලක්:12 ක් රෝහලට කොළඹ සිට රක්වාන බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී කුරුවිට පුස්සැල්ල සල්ගහයට හන්දියේදි අද (26) දහවල් සිදුවු අනතුරකින් මාර්ගයේ ගමන් කළ ගැබිනි මවක් ඇතුලු දොළොස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත්කර ඇති බව කුරුවිට පොලීසිය කියයි. 26 June 2023
ලිට්රෝ ගෑස් මිල තවත් අඩු වෙයි ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය. 26 June 2023
කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 June 2023
ආහාර සිරවී සිඟිත්තියක් මරුට තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 26 June 2023
කොළඹ වරායෙන් කෑල්ලක් බංගලාදේශයටත් ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවසීය . 26 June 2023
කුවෙට් පොසොන් උත්සවයෙන් කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහක් පැවැත්විණි. 26 June 2023
පොහොට්ටුව වට්ටන්න කිසි ජගතෙක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම්මට්ටමින් සකස්කර ඇති යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් එය බිඳ වැට්ටවීමට කිසිවකුට හැකියාවක් නැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 26 June 2023
රටට අහිතකර පනත් සම්මත කිරීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත් වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (26) පැවසීය. 26 June 2023
සොරකම් කළ ලක්ෂ20ක දුරකතන සමඟ යුවළක් අල්ලයි සිය අනියම් බිරිද හා එක්ව යතුරු පැදියකින් ගොස් දුරකතන ඇමතුම්වල යෙදෙමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ගේ දුරකතන සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාව ලක්ෂ විස්සක් පමණ වටිනා ස්මාර්ට් දුරකතන තිහක් සමගින් අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 26 June 2023
මොණරාගලට පොහොර නොලැබීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව වහාම වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 26 June 2023
කොටස් වෙළෙඳපොල 30 වැනිදා වහයි බැංකු නිවාඩුවක් ලෙස නිවේදනය කර ඇති ලබන 30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොල වසා තබන බව රජය පවසයි. 26 June 2023
උත්තර පත්‍ර බැලීම පැත්තක දමා ගුරුවරු සල්ලි ඉල්ලා විරෝධයේ අපොස උසස් පෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300 ක් පමණ අද සිය කටයුතුවලින් ඉවත්ව කළුතර බාලිකා විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී. 26 June 2023
පන්ති කට් කර සිසු සිසුවියෝ හයක් පාළු නිවෙසක පාටියක් දාලා උපකාරක පන්තියකට සහභාගී වන බව නිවෙස්වලට පවසා අම්පාර උදයපුර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු සහ තරුණයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 26 June 2023
පක්ෂ නායකයෝ හෙට රැස්වෙති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා ලබන මස 1 වැනිදා සෙනසුරාදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනු ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ. 26 June 2023
දේශබන්දුට එරෙහි සිතාසි බල රහිත කරයි අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝට එරෙහි චෝදනාව පවත්වාගෙන යාම බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය. 26 June 2023
කොළඹ පෞරාණික ස්ථාන 40 ක් සංවර්ධනය කර බදුදීමේ ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පෞරාණික වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ අවට ප්‍රදේශයේ ඉඩම් 40 ක් පමණ හදුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය. 26 June 2023
යුරෝපා සංචාරය නිමවා ජනපති යළි දිවයිනට යුරෝපා සංචාරය නිමා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 26 June 2023
විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 26 June 2023
පොලිසියට ප්‍රහාරයක් පහක් රෝහලට මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 26 June 2023
ව්‍යාජ ගුවන් ටිකට් පත් හදා කූඩුවේ ළගිති විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සැකසූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 26 June 2023
අද වැස්සේ තත්ත්වය මෙන්න බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 June 2023
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කළා රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවසීය. 25 June 2023
මුහුණු පොතින් හඳුනාගෙන තරුණියන් අමාරුවේ දාලා මුහුණු පොතෙන්වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන එම තරුණියන් හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්තේ යැයි කියන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 24 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 25 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026