(අංජුල මහික වීරරත්න)

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත  අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමගින් වාර්ෂිකව රටට ඉහල අපනයන ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව කීවෙි  මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වූ බදු ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශ "පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව" ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය.