(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ආරච්චිකට්ටුව අඩිප්පල පාරේ පිහිටි මුහුදු ආහාර ආයතනයක නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ තිස්තුන් හැවිරිදි අයෙකු ඔහු නවාතැන්ගෙන සිටි  නේවාසිකාගාරයේ ඇඳ මත මිය ගොස් සිටියදී සිරුර සොයාගත්  බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, උඩුමුල්ල  ප්‍රදේශයේ පදිංචිව සිටි  දොලවත්ත ගේ දොන් දීපාල් නැමැත්තෙකි.

ආරච්චිකට්ටුව පොලීසියේ  නිලධාරින් කණ්ඩායමක් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.