(මධුෂානි අබේසිංහ )

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අතිරේක ලැයිස්තුවෙන් වැලිකන්ද ප්‍රාදේශි‍ය සභාවට තරඟ වැදීමට නියමිතව සිටි පුද්ගලයෙකු නීතී විරෝධී අරක්කු ලීටර් 15 ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

ඔහු වැලිකන්ද සූරියවැව ගම්මානයේ පදිංචි තිස්තුන් විැති පුද්ගලයෙකු බවද පොලීසිය කියයි.

ඔහුගේ  බිරිඳද පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තරග වැදීමට සිටි අපේක්ෂිකාවක් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නීති විරෝධී අරක්කු නිෂ්පාදනය කර විකිණීමට යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අරක්කු ලීටර් 15 ක් සමග සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.