(අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අරඹා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දිමට අපේක්ෂිතය.
ඉන් පළමු ක්‍රමවේදය ඔස්සේ සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීමයි. දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමයි. තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමයි.
මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි.
මීට අදාල ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතින්...? මීට ඉස්සරත් මහින්දත්, ගෝඨාත්, රනිලුත් කිව්වේ බදු නැතිව වාහන ගෙන්වන්න දෙනවා, ගෙවල් දෙනවා, රක්ෂණ වන්දි වැඩි කරනවා, බදු රහිත පහසුකම් වැඩි කරනවා කියලා. ඡන්දෙන් පසුව ඔය ඔක්කෝම කණපිට... මේ පාරත් ඡන්දයක් කිට්ටුයි වගේ... නැත්නම් රට සේවකයින්ගෙන් තව ගාණක් පිල්ලි අරින්න වගේ...
තවත් මුදල් හොරකම් කරන්න හදන වැඩක් පටන්ගන්නයි යන්නේ... මේ අය හදන්නේ අපිව අතින් අල්ලන් කඩේ එක්කගෙන යන්න. අපේ ගෙවල් අපිම හදාගන්නම් ඔයාලා කරදර වෙන්න එපා...
අපේ ගෙවල් අපි හදා ගන්නම්... අපිට ගෙවල් හදන එකෙනුත් හොරකන් නොකර ඉඳියි කියලා හිතන්න අමාරුයි.. මංගල සමරවීර වගේ අඩු පොලියට ණය ක්‍රමයක් දුන්නොත් හොඳටම ඇති..