(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියේදී පැවැත්වීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ ආරම්භ අවදියේදී 10 ශ්‍රේණියේදී පැවැත්තවුවද පසු කාලයේදී එම විභාගය 11 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් ඉදිරියට ගත් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම්කර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු යායුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කරදීමේ පදනම සකස් කළ යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd