(අංජුල මහික වීරරත්න)
සියවස් දෙකක් තිස්සේ රටට විදෙස් විනිමය උපයා දෙමින් ශ්‍රමය වැගිරූ කඳුකර ද්‍රවිඩ ජනතාව තවදුරටත් වෙනම ජන කොටසක් ලෙස නොව ශ්‍රී ලාංකික පොදුජන සමාජයට එක් කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා වැඩපිළිවෙලක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර් සහ එම්. රාමේශ්වරන් මහත්වරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
කඳුකර ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කඳුකර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කැඳවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
1983 සිදුවීම් වලින් පසුව පවා බෙදුම්වාදී ප්‍රවණතා හෝ අවිගත් ත්‍රස්ත කටයුතු සඳහා කිසිඳු අවස්ථාවක කඳුකර ජනතාව යොමු නොවූ බවත් ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකා රජය සහ දකුණේ සමාජය පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් පුරවැසියන් විදියට ඒ අයට සලකලා නැතිනම් වරද ඔයාගේ. ඡන්ද ගුණ්ඩු විදියට සලකන ඵක තියන් ඉන්න තොන්ඩලාගේ වඩිවෙල්ලාගේ...
මොනවා කරත් වැඩක් නැහැ... සර් මේ සැරේ පරදිනවා. මොකද ඔය කියන ඔක්කොම මේ අවුරුද්ද ඇතුළත ඔබතුමා කරලා පෙන්නන්න ඕනේ...
ඉතාමත් යහපත් කටයුත්තක්.... හැබැයි ඡන්ද ගුණ්ඩුවක් කරගන්න නම් එපා...
උඩරට සිංහල අපි මුන්ට චන්දෙ දීල පත්කරනව. මුන් අපිට කල වැඩක් නැහැ. අද උඩරට සිංහලයන්ට වැඩි වරප්‍රසාද තියෙන්නෙ දෙමල මිනිස්සුන්ට. මුන්ට හෙනම ගහපිය.