(විමුක්ති එස් රුද්‍රිගු)

පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා ආනයන සීමා මෙම සතිය තුළදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුවන්වැල්ල ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් රථ වාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණද පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා තෝරා ගත් වාහන සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය මෙම සතිය තුළදී බොහෝ දුරට නිකුත් කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.