(ශ්‍රීනාත් ප්‍රසන්න සූරිය)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීගමුව බඩල්ගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබා ගැනීමේ නිරතව සිටියේ යැයි කියන හමුදා සෙබළුන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි .
කසිප්පු පෙරීමේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමෙන් වැළකී සිටීම සඳහා යැයි කියමින් සැකකරුවන් සිව්දෙනා මෙවැන්නක් සිදු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අඩංගුවට ගත් සැකකාර සෙබළුන් සිව් දෙනා යුද හමුදාව පවත්වාගෙන යන ඇඟලුම් කම්හල් හතරක රාජකාරි කරන අය වෙති.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත බඩල්ගම පොලීසිය සැක කර යුද හමුදා සෙබළුන් සිව් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd