( තිස්ස කොටින්කඩුව)

පමුණුගම නුගපේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙද පොලට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්‍රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්.හිජාස් මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු පවසා සිටියේ   එක පැකටි එකක කිලෝ 5 බැගින් පැක්කර තිබු කල් ඉකුත් වු බටර් පැකටි 2000 ක් ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වු බටර්,ගී.මාජරීන්,පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුලු විවිධ  ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු අඩි 40 බහාලුම් 10 කටත් සීල් තැබිමට කටයුතු කළ බවයි.

ඒ අතරම කල්ඉකුත් වීම නිසා වෙළෙද සැල් වලින් යලි කර්මාන්තශාලාවට ගෙන එන මෙම  කර්මාන්තශාලාවේ  නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය පැකට්වල නිෂ්පාදිත දිනය මෙන්ම  කල්ඉකුත් වන දිනය වෙනස් කොට නැවත වෙළෙද පොලට නිකුත් කිරීමට සුදානම්  ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි  සැක කෙරෙණ තවත් බහාලුම් 8  මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සීල් තැබිමට කටයුතු කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සදහන් කර සිටියේය.  

150 දෙනෙකු ගෙන් පමණ සේවක පිරිසකගෙන් සමන්විතවු මෙම කර්මාන්ත ශාලවේ නිෂ්පාදන වැඩ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත.