(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බස් රථයක ගමන් ගත් 66 හැවිරිදි කාන්තාවකගේ අත් බෑගය තුළ තිබූ රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසක් වටිනා රන් මාලයක් සොරාගත් බව කියමින් තරුණියක් සහ කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා පුත්තලම සහ ජා ඇල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 51 සහ 45 යන වයස්වල පසුවන තැනැත්තියෝ වෙති.
කිලිනොච්චිය මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාරියන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd