( සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය , චාවකච්චේරි වෛරව කෝවිල අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවකු අද (13) මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි.
කිලිනොච්චිය සිට යාපනය දෙසට ගමන් කළ ලොරි රථයක යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ යාපනය , චාවකච්චේරි පදිංචි සිවබාලන් ප්‍රවීන් (19) නැමති යාපනය හින්දු විද්‍යාලයේ උසස්පෙළ අංශයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ලොරි රථයේ රියදුරු චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර චාවකච්චේරි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd