(යොහාන් භාසුර)
ජාතික ජලම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජලසම්පාදන ව්‍යාපෘති 344 න් ව්‍යාපෘති 20 ක අඛණ්ඩ ජල සැපයුම අත්හිටුවා මුර ක්‍රමයට ජලය නිකුත් කරන බව එම මණ්ඩලය පවසයි.
රට තුළ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවූ බවත් වියළි කාලගුණය අඛණ්ඩව පැවතුණ හොත් පානීය ජල ගැටලුවක් ඇතිවයි හැකි බවත් එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කීය.
කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, ඌරුබොක්ක, බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෙයිපත්තුව, පොතුවිල්, තිරුක්කෝවිල්, බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ සහ කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවලින් මුර ක්‍රමය ජල සම්පාදනය කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd