
(ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 7739 ක අයත් 25891 ක පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනිමේ ගැටළුවකට මුහුණ දී සිටින බව, අම්පාර දිස්ත්‍රික් අපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අටබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි, මේ වනවිටත් එම කොට්ඨාසවල පවුල් 6147 කට අයත් 20961 දෙනකු සදහා පානීය ජලය සහ ගෘහස්ත පරිභෝජනයට අවශ්‍ය ජලය බවුසර් මගින් සැපයීම, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙවීම මත, ආපදා සහන සේවා නිලධාරින් විසින් ආරම්භකර ඇත.
මෙලෙස පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටින්නේ මහඔය, පදියතලාව, ලාහුගල සහ වෙරළ බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන අඩ්ඩාලචේන, ආලියාවෙම්බු, කිරුක්කෝවිල් යන කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් විසි හතක පදිංචි පිරිසකි.
ගම්මාන අතර පරතරය, නිවාස අතර පරතරය, ප්‍රවාහන දුෂ්කරතා වැනි කරුණු හේතුවෙන් නිවාසවලට බවුසර් මගින් ජලය සැපයීමේ දී, සහන සේවා කණ්ඩායම් අපහසුතාවට පත්වන අවස්ථා ද, බොහෝවිට දක්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd