වල්අලි කැඩූ බිත්තිය දරුවන් දෙදෙනාගේ ඇඟමතට වැටේ ඇලයාපත්තුව පොලිස් වසමේ මනින්ගමුව ප්‍රදේශයේ නිවසකට වල් අලියකු පහර දීම හේතුවෙන් එම නිවසේ නිදා සිටි පාසල් දැරියන් දෙදෙනකු මතට නිවස බිත්තියක් කඩාවැටී තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 28 June 2023
බස්නාහිරට - සබරගමුවට ටිකක් තදින් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2023
ලාන්ස් කෝප්රල් කුඩු සමග මාට්ටු හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළකු ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 June 2023
නොදන්වා රට පැනපු ඩොක්ටර්ස්ලා 83කට රතු නිවේදන අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (තෘතීක සත්කාර සේවා)වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 27 June 2023
හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට හගුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 June 2023
සියරා ලියොන් ඡන්ද නිරීක්ෂණයට ලාංකිකයෝ දෙදෙනෙක් සියරා ලියොන් රාජ්‍යයේ පාර්ලිමේන්තු සහ පළාත් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ද තෝරා ගනු ලැබ සිටිති. 27 June 2023
මුස්ලිම් පාසල් 30 වැනිදා වැසෙයි හජ්ජි උත්සවයට පසු දිනය වන ලබන 30 වැනිදා (සිකුරාදා) සියලුම මුස්ලිම් පාසල්වලට විශේෂ නිවාඩුවක් දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 27 June 2023
කාන්තා නාවික සෙබළියෝ නාව්ක ඉතිහාසය අලුත් කරති සාර්ථකව පුහුණුව අවසන් කළ නාව්ක හමුදා ඉතිහාසයේ පළමු කාන්තා පැරිෂුට් කණ්ඩායම ඉකුත් දා විසිර ගියහ. 27 June 2023
කැලණිවැලි දුම්රිය හෙට දහවල් වන තෙක් නෑ බේස්ලයින් දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක් පිලි හානියට පත් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හෙට දවස තුළ ද සිදු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 27 June 2023
වසර පහකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කරයි ලංකාවෙි මුළු විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 41.5කින් වසර පහකදී කාලයකදී ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය. 27 June 2023
ශාෆ්ටර් මරණයේ සියළු වාර්තා අධිකරණයට කැඳවයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට අද (27) නියෝග කළේය. 27 June 2023
මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’ගේ ගුවන් ගමන ලෝක ගුවන් ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථවක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. 27 June 2023
ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ලෙස බුලවායෝහිදී ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 27 June 2023
ජනපති විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 June 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ඵෙතිහාසික ජයක් ලබති සංචාරක නවසීලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 27 June 2023
පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක් පොහොර ආනයනයේදී රුපියල් කෝටි 320 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී ඒ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 27 June 2023
කොළඹදී දුම්රියක් පීලි පනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කොස්ගම බලා ධාවනය ආරම්භ කළ දුම්රියක් බේස්ලයින් පාර සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී අද (27) පස්වරුවේ පිලී පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 June 2023
අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය. 27 June 2023
පියත් නිකේෂලට ඇප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරගලකරුවන් ඒ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය. 27 June 2023
හොර වෙදෙක් පානදුරෙන් අල්ලයි මියගිය වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 27 June 2023
පනත් දෙකකට කතානායකගේ සහතිකය පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (27) සටහන් කළේය. 27 June 2023
රුපියල් කෝටි 11 ක රන් රේගුවෙන් අල්ලයි රුපියල් කෝටි 11 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 5.650 ක් සමඟ මගීන් පස් දෙනෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (27) අත්අඩංගුවට ගත් බව රේගුව පැවසීය. 27 June 2023
ජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 27 June 2023
රුසියා කුලී හේවායනට ඇමෙරිකාව සහාය දීලා? රුසියාවේ ප්‍රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානය සම්බන්ධ බව රුසියාව සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 27 June 2023
ස්කොට්ලන්තයට ලකුණු 246 ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිවුවැනි සහ අවසන් තරගය වන ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 245 ක් රැස්කළේය. 27 June 2023
ජෝර්ජියාව සමඟ සංචාරක ගිවිසුමක් සංචාරක ක්ෂෙත්රයේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියා ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථිත්වය අතර එකඟතාවකට එළඹ ඇත. 27 June 2023
මාවුස්සා කැලේ ඉඩම් අරාබියට දෙන්න යයි සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්මන්ට් එල්.එල්.සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
වියට්නාම් තානාපති කාර්යාලයට පැන්න හොරා මාට්ටු මෙරට පිහිටි වියට්නාම් තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා පදිංචිව සිටින කොළඹ 7 වෝඩ් ප්‍රදේශයේ පිහිටි නිවසට හොර රහසේ ඇතුළු වී විදෙස් සහ මෙරට මුදල් තොගයක් සොරාගත් බව කියන පුද්ගලයෙක් වත්ත පොලිසිය විසින් පෙරේදා 26 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2023
ව්‍යාජ මැණීක් පෙන්වා රන් හුවමාරු කළ තුනක් අල්ලයි ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 27 June 2023
සරසවි සිසුන්ට මහපොළ දෙන්න මුදල් වෙන් කරයි විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 27 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026