(අංජුල මහික වීරරත්න)
නියඟයෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදල් නොගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
ගොයම් වගාවන්ට ගිනි තැබීම නීති විරෝධී කටයුත්තක් බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී ඇත.
මේ දිනවල නියඟයෙන් හානියට පත් කුඹුරු වල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම් ආරම්භ කර ඇතැයි ද ගොයම් වගාවන්ට ගිනි තැබු පසු හානි තක්සේරු කිරීමට හැකියාවක් නොමැති නිසා ඔවුන්ට වන්දි ලබා දීමට ද හැකියාවක් නැති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
යම් පුද්ගලයෙක් තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ඇතුළු සහන සඳහා වැය කරන ලද මුදල ද නිශ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධව සොයා බැලීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
දැඩි නියඟය නිසා හානි වී ඇති ගොයම් වගාවන්ට ඇතැම් පුද්ගලයින් ගිනි තබා විරෝධය දක්වන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හානි වූ ගොයමට ගිනි තැබුවොත් වන්දි නෑ
නාමල් Monday, 14 August 2023 02:25 PM
නීතිදාලා ඔබලාට විරුද්ධව එන ජනරැල්ල වළක්වන්න බෑ බොල... ගෝඨාභය පොහොර තහනම් කරද්දීත් ඔබ ඇමැති නේද බොල... එහාටයි මෙහාටයි පැන පැන රට කනවා...
අරවින්ද මොනරවිල Monday, 14 August 2023 03:26 PM
දැන් කොහෙද බං පොහොර සහනාධාර ගිනි ගානට පොහොර හොන්ඩරය අරගෙන වගා කෙරුව කුඹුරු ටික උබලා පිදුරු වෙනතුරු බලා හිටියා වතුර දෙන්න, දැන් කයිවාරු ගහනවා.