(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා පවසයි.
හම්බන්තොට මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා තංගල්ල මහ රෝහල සේවයේ නියුතු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු අතුරින් එක් වෛද්‍යවරයෙක් තාවකාලිකවහම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ස්ථිරවම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්වා එවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙදා නෙ ගියා කිව්ගිවෙ, ඇයි වෛද්‍යවරයක් පත් කරල..
පශුවෛද්‍යවරයෙක් තමයි හැබැයි ඕන
රටක දේශපාලන වාතාවරණය එහි පුරවැසියන්ට දුෂ්කරතා ඇති කරන විට එය අවාසනාවකි. දේශපාලන අස්ථාවරත්වය, දූෂණය සහ දුර්වල තීරණ ඇත්ත වශයෙන්ම සමහර පුද්ගලයින් විදේශයන්හි වඩා හොඳ අවස්ථා සොයා යාමට පොළඹවයි. පුරවැසියන්ට තම රට තුළ සමෘද්ධිමත් වීමට සහ සුරක්ෂිත බවක් දැනිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයන් කටයුතු කිරීම වැදගත් වේ...
ගියේ වෙදෙක්නේ ඇවිත් තියෙන්නේ වෛද්‍යවරයෙක්නේ..