(ඉන්දිකා රාමනායක)

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන්  පත්වාගෙන ගිය  මුහුණු පොතේ ගිණුමකට කිසිවකු  අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඒ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

කිසිවකු විසින් ඊයේ  (13)  රාත්‍රියේ මෙලෙස  සිය මුහුණු පොත් ගිණුමට  ඇතුලු වී ඇති බවද ඒ මහතා  කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ප්‍රජා පොලිස් කොට්ඨාසය සමග එක්ව බස්නාහිර පළාත තුළ සිදුකරන ප්‍රජා සත්කාර, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන  වැඩසහටන් ඇතුලු  සමාජ සත්කාර වැඩසටහන් මෙම ගිණුම හරහා   ප්‍රචාරය කරන බව ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

තම ගිණුමට අනවසරයෙන් ඇතුලු වු  පුද්ගලයා හදුනා ගැනීමට සහ  එම පිටුවේ පාලනය නැවත ලබා ගැනීම කටයුතු සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා  මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.