IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා

(යොහාන් භාසුර)

දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කෙසේ ප්‍රකාශ කළත්  ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත්  නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය.

ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු කළ යුතු අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් මැතිවරණ කල්දැමීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ යැයි මනාව පැහැදිලි බව කී මහාචාර්යවරයා වත්මන් ආණ්ඩුව තුළ ආණ්ඩුව කිහිපයක් පැවතීම නිසා මහජනතාව  අන්ත දුගී තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරු අතර සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කඹ ඇදීම හේතුවෙන් කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ මහතා කීය.

වර්තමාන ජනාධිපතිවරයා පවසන 2048 හරිත ආර්ථිකය යථාර්ථයක් කිරීමට නම් වර්තමාන ජනතාවගේ  ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීයභාවය කඩා වැටීම නිසා රෝගීන් තුළ විශාල බියක් හටගෙන ඇති බවත්ය.

මෙරට දරිද්‍රතාව දෙගුණයකින් වැඩි වැඩිවී ඇති අතරම වත්මන් ආණ්ඩුව නීතියේ ස්වාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා විපක්ෂය හැටියට කටයුතු කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (6)

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා

wedage Monday, 14 August 2023 02:01 PM

එතකොට ජනාධිපති කෙනෙක් රටට නැතිවෙනවනේ...

:       0       8

Krishna Monday, 14 August 2023 02:21 PM

ජී.එල්ට පේන දුර...

:       0       6

සජිත් Monday, 14 August 2023 02:29 PM

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණා මැදිරියටත් බයයිලු. ඡන්ද 31ක් පැරැදිලා ලෝක වාර්තා තියපු කෙනා ඡන්ද තියයිද? අවුරුදු 50ක් තිස්සේ පාර්ලිමේන්තු ගිහින් රට හදන්න බැරි වෙච්චි කෙනා දැන් හදයි කියලා තමයි බය...!

:       3       34

Perera Monday, 14 August 2023 02:50 PM

ලියල තියාගන්න.... ලංකාවෙ ආයෙ පෙනෙනමානෙ කිසිම චන්දයක් තියන්නෙ නැහැ ආන්ඩුවට හොදින් හරි නරකින් හරි දිනාගන්න බැරිනම්..

:       0       0

Rata Perata Monday, 14 August 2023 06:06 PM

ඉතින් ඕවා අපිට කිව්වා කියලා අපි මොකද කරන්නේ..? ඔයාලාට මොනවත් කරන්න බැරිනම් අපිට ඔය තනතුරු දෙන්න... අපි දන්නවා කරන්න ඕනෙ දේ..

:       0       0

රුවන් Wednesday, 16 August 2023 11:05 AM

රනිල්ට ....ජනාධිපතිවරණයක් දිනන්න බෑ කියලා සේරටම වඩා හොදට දන්නෙත් .....රනිල් තමයි ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site