(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට අද (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දදි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම විදුලිය බිඳ වැටීම ඊයේ පස්වරුව වන විටත් යථා තත්වයට පත්කරමින් සිටි බව ද එම නිලධාරියා කීය.
මෙම විදුලිය බිඳ වැටීමත් සමඟ රෝහලේ දුරකථනය ජාලය සහ වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බව කී එම නිලධාරියා වෛද්‍යවරු විදුලි පන්දම් ආධාරයෙන් ශල්‍යකර්ම කළ බව ද සඳහන් කළේය.
මෙම විදුලි බිඳවැටීමත් සමඟ ලේ බැංකුවේ ගබඩා කර ඇති ලේ, ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බවත් දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් එම නිලධාරියා කීය.
ජාතික රෝහලේ නඩන්තු අංශයේ පරිපාලන නිලධාරීන් නවයක් සේවය කරද්දී සිදුවූ මෙම දැවැන්ත විදුලි බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන නිලධාරීන්ට නඩත්තුව බෑ. කාර්මික තාක්ෂණ ශිල්පීන් ඕනෑ. පරිපාලන නිලධාරීන් සුදු අලි විතරයි.