
(කාංචන කුමාර ආරියදාස)
මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිටින අඹුසැමි යුවළක් රත්තොට පල්ලේ තැන්නෙන් අපට හමුවිය.
ජී. ජී. තුෂාරි ශාලිකා (31) මහත්මියට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට තම කුඩා නිවසේ දරුවන් දෙදෙනා තබා ගැනීමටවත් පහසුකම් නොමැත. එම නිසා දරුවන් ටිකක් ලොකු වන තුරු ඥාති නිවෙසක රඳවාගෙන සිටින බව ඔවුහු පවසති.
නිවුන් දරුවන් ලෙස තම කැදැල්ලට එක්වූ දෙවැනි දරු උපත නිසා මෙම කැදැල්ලේ දරුවන් තිදෙනෙකි.
වැඩිමල් දියණිය ද හෘද රෝගයකින් පෙළෙන නිසා කුලී වැඩ කරන පියා මුදල් උපයා ගැනීමට අසීරුතාවයකට පත්ව සිටින බව කියයි .
මවට ප්‍රමාණවත් කිරි නොමැති වීම නිසා මෙම දරුවන් දෙදෙනාට ලැක්ටෝජන් 1 ළමා කිරිපිටි වර්ගය ලබා දෙන ලෙස වෛද්‍යවරුන් දැනුම් දී තිබේ.
මාසයකට කිරිපිටි පැකට් 15ක් ඔවුන්ට අවශ්‍ය බව මව්පියෝ පවසති.
එම කිරිපිටි පැකට්ටුවක මිල මේ අඹුසැමියන්ගේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නෙදෙයි.
තම මවගෙන් පියාගෙන් මුදලක් ඉල්ලාගෙන කිරිපිටි ගෙනැවිත් දෙන බවත් ඇතැම් අවස්ථාවන්හිදී වෙළෙඳසල්වලට ණය වී කිරි පිටි පැකට් එකක් රැගෙන විත් තම නිවුන් දරු පැටු දෙදෙනාට ලබාදෙන බවත් මව කියයි.
මෙම දරුවන් ජීවත් කරවීම සඳහා ලැක්ටෝජන් එක වර්ගයේ කිරිපිටි පැකට්ටුවක් දරුවන්ට අවශ්‍ය උපකරණ ටිකක් ලබා දීමට හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ ලිපිනය ජි .ජි ,තුෂාරි ශාලිකා නොම්මර 6 පල්ලේතැන්න ,රත්තොට, දුරකථන අංකය 0777 367322 ඇයගේ නමින් මහජන බැංකුවේ මාතලේ රත්තොට ශාඛාවේ ඇති ගිණුම් අංකය 128 200 12 00 58326 යොමු කරන මෙන් ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාදයක් කරගෙන හිටියට රැකියාවක් නෑ... ඉන්න තැනක් නෑ, දරුවන් හදාගන්නවා, දරුවන්ට කිරිපිටි ගැනීමට පවා හැකියාවක් නෑ, හැමෝටම ණයවෙනවා. කුඩා කිරි දරුවන් පවා ණය කරවනවා. එමනිසා තරුණ පරපුර කසාද කරගැනීමට පෙර දරුවන් හදා ඔවුන්ව ණයකාරයින් කිරීමට පෙර නිසි තාක්ෂණික හෝ පුහුණුවක් ලබාගැනීම සහ ඉන්පසු රැකියාවක් කර පුරවැසියකු වශයෙන් ණයකාරයකු නොවී ජීවත්වීම වටිනේය සහ වැදගත් වේ...
පුංචි පවුල රත්තරං කියලා කරපු ප්‍රචාරය නවත්තපු එක වැරැදියි කියලා තේරෙනවා නොවේද? ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය අධික ජනගහනය. පවුල කුඩාවීම හැම දේටම හොඳයි.
මිනිස්සු තමන්ගේ ආර්තික මට්ටමට ගැලපෙන විදිහට පවුල සැලසුම් කරගන්න ඕනේ නේද? නැත්නම් දරුවනුත් දුක් විඳිනවා, දෙමව්පියෝත් දුක් විඳිනවා...
මිනිහෙක් ඉඳලත් මේක කරගන්න බැරුව, මිනිස්සු දාලා ගිය නිවුන්නු දෙන්නයි,... තව ළමයෙකුයිඉන්න කෙනෙක් කොහොම කරගන්න ඇතිද? මම අත්දැකීමෙන් කතා කරන්නේ...
මම මට හැක පමණින් දයක වුනා. මටත් මය වස්සේම දරුවෙක් ඉන්නවා.