IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවැලි ඉඩම් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

(සුජිත්  හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලය ඉඩම් බෙදීම අත්හිටුවීමෙන් පසුවද මහවැලි ඉඩම් කට්ටි 2000 කට වැඩි ප්‍රමාණයක්    ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ  හිතවතුන්ට හොර රහසේ  බෙදාදී  ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
එසේ බෙදාදීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව  කෝප් කමිටුව පවසයි.
මේ තොරතුරු අනාවරණය වූයේ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු විමසීම සඳහා එහි ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ජනාධිපති කාර්යාලය මහවැලි ඉඩම් බෙදීම නැවැත් වූයේඅක්‍රමිකතා සිදුවන නිසා බවයි.
මහවැලිය අද තමන්ගේ හිතවතුන්ට ඉඩම් බෙදන තැනක් බවට පත්ව ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ සියලු අක්‍රමිකතා සිදු වන්නේ මහවැලි ඉඩම් නීතිය ලිහිල් එකක් නිසා බවද  ප්‍රකාශ කළේය.
කෝප් කමිටු  සභාපති:
ඉඩම් බෙදාදීමේ ලොකු  අක්‍රමිකතා සිදුවෙලා තියෙනවා. මේක මෙහෙම වෙන්න බෑ. ඉඩම් අඟලක්වත්  නැති මිනිස්සු මේ රටේ ඉන්නවා. පසුගිය 11 වැනිදා  රෑ 10 වෙනකම් වැඩ කරලා තමයි මේ මහවැලි ඉඩම්  බෙදීම කරලා තියෙන්නේ. මේ තොරතුරු කියන්නේ විගණකාධිපතිතුමා.
විගණකාධිපති :
මහවැලි අධිකාරි බල පදේශ පැහැදිලිව ගැසට් කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමාගේ වගකීම තමයි මුලින්ම තමන්ගේ භූමිය  රැකගැනීම.  අධිකාරිය තමන්ගේ වගකීම අවුරුදු 45 ක් තිස්සේ පැහැර හැරලා තියෙනවා ඒක හිතා මතා කරල තියෙනවා. සමහර මහවැලි ඉඩම් ස්වභාවික පරිසර පද්ධති පවත්වාගෙන යන්න ගන්නවා.ඊට පස්සේ මේවායේ අනවසර පදිංචිකරුවන් පදිංචි වෙනවා.
 


 

 



අදහස් (2)

මහවැලි ඉඩම් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා

පුරවැසියෙක්... Sunday, 13 August 2023 04:03 PM

මේවාට වගකිව යුතු අයට නීතිමය පියවර ගනිමින් අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට යොමුවිය යුතුයි...

:       0       2

පැරකුම් Monday, 14 August 2023 04:06 PM

අපේ බදු සල්ලි නාස්ති කරමින් ලෝකෙටම ඇහෙන්න සද්ද දානවා විතරයි. කවද්ද? කාටද? දඬුවමක් දුන්නේ? ජනතාව සතුටු කරන්න බයිලා ගහනවා…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site