(එස් ඩී කොඩිකාර)
යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල සිඟමනේ ගිය යුද හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු දෙණියාය නගරයේ දී සම්මාදම් මුදල් 410 ක් සමග අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු (29) හැවිරිදි විවාහක හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි කරුවකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
සැකකරු දෙණියාය බස් නැවතුම්පොළට පැමිණ එහි පාලක හමුවී ගමන් සටන් පොතක් එම ස්ථානයේ යොදා එහි අත්සන් කොට යුද හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ නම් එහි පාලකවරයාට පවසා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු රැස් කිරීමට තමන් මාතර දිස්ත්‍රික්කයේ යොදවා ඇති බව කියමින් එහි පාලකවරයා නොමග යවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවට හෙලි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd