
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට එම හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහින්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්ද්‍රා මහතා ප්‍රකාශ කළේය.
එම හෝටලයේ රැයක් ගත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 50000 (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ)ක මුදලක් වැය වේ.
දියයට හෝටල් කාමරයක රැයක් නවාතැන් ගතහොත් නිසැකවම එම කාමරයේ වීදුරුවල කඩතොලු තිබේ දැයි පරික්ෂා කරමින් තමන් මුළු රැයම ගත කරනු ඇති බවත් ඒ හේතුවෙන් තමාට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් හෝටලය පිළිබඳ වීඩියෝවක් පසුගිය 12 වැනිදා සිය එක්ස් ගිණුමේ (ට්විටර්) පළ කරමින් මහින්ද්‍රා මහතා පෙන්වා දී ඇත.
මුහුදු මට්ටමේ සිට අඩි 16 ක් පහළින් කාමර නිර්මාණය කර තිබෙන ලොව ප්‍රථම දිය යට කාමර සහිත හෝටලය වන මාලදිවයිනේ මුරාකා 2018 වසරේ ඉදිකර ඇත.
මුරාකා හෝටලයේ දිය යට හෝටල් කාමරයක් විවේකීව සති අන්තයක් ගත කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස හැඳින්විය හැකි නමුත් තමාට මෙම හෝටල් කාමරයක රැයක් ගත කිරීම ඉතාමත් අවිවේකි වනු ඇතැයි මහින්ද්‍රා මහතා පවසා ඇත.තමන් දියයට හෝටල් කාමරයක රැයක් ගත කිරීමට ගියහොත් මුළු රැයම එහි වීදුරුවල කඩතොලු තිබේදැයි පරික්ෂා කරමින් ගත කිරීම හේතුවෙන් විනාඩි 5 ක හෝ සුවපහසු නින්දක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මහින්ද්‍රා මහතා ප්‍රකාශ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිටැනික් බල්ලන්න ගිය අය මතක් වෙන්න ඇති. මොනව උනත් මොලේ කල්පනා කරල වැඩ කරල තියෙනව
මෑන් දන්නවා ටයිටැනික් බලන්න ගිය පාකිස්තාන් කෝටිපතියාට ලැබුණු සන්තෑසිය...
මහින්ද්‍රා සමාගම් සභාපතිගේ ප්‍රකාශයට මාද 500% එකඟය.
ඉතා බුද්ධිමත් තීරණයක්
මොලේ තියෙන උගත් මනුස්සයෙක්... ඒක නිසානේ ඒ මනුස්සයා බිලියන කෙනෙක් වුණේ..
ඕකත් අර ටයිටන් වගේ මාරකයක්
බුද්ධිමත් තීරණයක්...