IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


එතෙර විශේෂඥ වෛද්‍යවරු එයි?

 

(යොහාන් භාසුර)

වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.

වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගුණරත්න මහතා කීය.

වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් ද, තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් ද, දැමීමට සිදුවන බවත් මෙම තත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නොමැති අතර එසේ නොවේ නම් විදේශ වෛද්‍යවරු ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කීය.

 



අදහස් (16)

එතෙර විශේෂඥ වෛද්‍යවරු එයි?

ashoka hewage Monday, 14 August 2023 04:00 PM

ලංකාව නම් මේ දූපතේ තමයි අඩුවෙන්ම බදු ගහන්නේ... ඒ කතාව නෑ කියන කතාවක් කියන්න...

:       0       0

බද්රානි Monday, 14 August 2023 04:16 PM

මීට වසර කිහිපයකට කලින්ම රජය ගත යුතු ජනතාවාදී පියවරක්. අනිවාර්යයෙන්ම පිටරට විශේෂඥ වෛද්‍යවරු මේ රටට ගෙන්විය යුතුයි. එහෙම නැතිව කවදාවත් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දොස්තර මාෆියාවෙන් ගලවා ගන්න බැහැ. නමුත් පිටරට වෛද්‍යවරුන්ට මේ මාෆියා කාරයින්ගෙන් ගැලවී ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස කළහැකිදැයි සැක සහිතයි..?

:       28       36

de silva Monday, 14 August 2023 04:29 PM

අනිත් මිනිස්සු බදු ගෙවන්නේ නැද්ද?

:       18       48

AkilaMonday, 14 August 2023 06:13 PM

කවුරුත් රනිල් රාජපක්ෂගේ බංකොලොත් බද්ද ගෙවන්න කැමති නැහැ, පුළුවන් අය රටින් යනවා අනිත් අය ඔහේ කරගන්න දෙයක් නැතිව බද්ද ගෙවාගෙන ඉන්නවා... මොකද මේ අලුත් බදු අය කරන්නේ අපිට ඔය දියුණු රටවල වගේ පහසුකම් ලබලා දෙන්න නෙමෙයිනේ.., ඉවක් බවක් නැතිව ගත්තු ණය, පොලි ගෙවන්න.

:       11       36

කොමදෝරුMonday, 14 August 2023 06:17 PM

ඇයි අර කවුදෝ කිව්වේ බදුවලින් බලපෑම වෙන්නේ ජනගහනයෙන් 1% කට කියලා. ඉතින් 1%න් එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා රටකට බලපෑමක් වෙන්න බෑනේ...

:       1       23

sarath Monday, 14 August 2023 04:31 PM

එංගලන්තයේ, ඇමෙරිකාවේ වගේ මේ ගොල්ලන්ට මුදල් අයකර ඉගැන්නුවා නම් දුකක් නැහැ. මහජන මුදලින් ඉගෙන ගෙන බදුගෙවන්න වෙනවා කියලා රට අසීරු අවස්ථාවේ පැනලා යනවා.

:       28       51

පුරවැසියා Monday, 14 August 2023 05:00 PM

රටේ පාලනය ගැන, පාලකයින් ගැන, ගෙවන බදුවලට වෙනදේ ගැන, පාලනයේ සහ පාලකයින්ගේ සුජාත භාවය ගැන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. රටේ මිනිස්සු වැඩි හරියක් ජීවත් වෙන්නේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. ඔය රට දාලා යන දොස්තරලා 99% ඔය තැනට ආවේ ඒ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්. ඔවුන් නොසිටියා නම් සමහරවිට ඔවුන් ෆාමසියක බෙහෙත් කිරන්න තිබ්බා, කුඹුරු කොටන්න තිබ්බා..., එහෙම නැත්නම් මොකක් හරි පොඩි රස්සාවක් කරන්න තිබ්බා. එහෙම එකේ රටත් ඒ මිනිස්සුන්වත් ගොඩ ගන්නේ නැතුව රට දාලායනවා... නම් එහෙම එවුන් ඕනෑම නෑ. ඉන්න උන් ටික මැරිලා වැටෙනකල් සටන් කරමු. ඊළඟ පරපුරටවත් කෙලෙහි ගුණ කියලා දෙමු. මේ රටට තවත් පාදෙණියලා ඕනේ නෑ කොහෙත්ම...

:       10       29

kushan Monday, 14 August 2023 05:24 PM

මෙයාලා ඔය රටවලට යන්නේ ඒ රටවල බදු අය කරන්නේ නැහැ කියල හිතාගෙන, තමන්ට ලැබෙන වැටුපෙන් 40% බදු වශයෙන් එයාලා ගෙවන්න ඕන ඒ රටවල... ඔය රට යනගිය පයින්ම එනවා වැඩි කාලයක් යන්න කලින්... හේතුව ඒ රටවල් තිබෙන නීති හා මෙයාලාට පුද්ගලික අංශයෙන් රෝගීන් පරීක්ෂා කිරීමේ හැකියාව නැත. මෙයාලාගේ ආදායම අඩුවෙනවා...

:       0       0

Saman Monday, 14 August 2023 06:19 PM

වෛද්‍යවරුන්ගේ මූලික වැටුප රුපියල් ලක්ෂ තුනක්වත් කළයුතුයි.

:       26       26

samareTuesday, 15 August 2023 09:14 AM

ඇයි ඔබලා හිතන් ඉන්නේ අනිත් එවුන් අත පල්ලෙන් වැටිලා කියලාද? ඔබලාගේ මාන්නෙට අනූව ජීවත් වෙන්නම ලක්ෂ 3ත් මදිවෙයි....

:       0       0

චන්දන Monday, 14 August 2023 07:47 PM

එතකොට එයාල ටැක්ස් ෆ්‍රී ද. සිංහල සහ දෙමලත් උගන්නල ගනිමු නේද

:       0       0

Foreign Graduate Monday, 14 August 2023 07:56 PM

ඇයි අපි විදේශීය අයගෙන් මේ තනතුරු පුරවන්නෙ නැත්තෙ.

:       0       0

පියලාල් Monday, 14 August 2023 08:10 PM

ඒ ගොල්ලන්ට සිංහල පුළුවන්ද ?

:       0       0

ඉමා Monday, 14 August 2023 09:37 PM

ඒකත් මරැ හැබැයි.දැං රජයට තවත් ලාබයි. දැං තංගල්ලෙත් වැඩටික වෙනව හම්බන්තොටත් වෙනව.තුං දෙනෙක්ටටගෙවපු පඩිය වෙනුවට දෙන්නෙක්ගෙ පඩිවලිං වැඩේ කරනව.

:       0       0

sam Tuesday, 15 August 2023 01:02 PM

ලංකාවේ දොස්තරවරුන්ට කෙළලා දාලා, පිටරට වල දොස්තරලා විශාල මුදලකට ගෙනැල්ලා... නියම දාර්ශනිකයෝ...

:       0       2

Bamunuarachchi Wednesday, 16 August 2023 09:16 AM

දොස්තර සංගමයේ ගොයියෙක් කියනවා ලංකාවේ විසේසඥ දොස්තර කෙනෙකුට ගෙවන්නේ රුපියල් 88000 ලු. ඉන්දියාවේ දොස්තර කෙනෙකුට ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 3 ගෙවනවලු. කාවද මේ ගොනාට අන්දන්නෙ. මුලික පඩිය 88000 අනිකුත් දීමනා ලැබෙන කොට ලක්ෂ 3 පනිනවා. ඒ කාලේ වැඩි පඩි නොදෙන්නයි private practices දුන්නේ. බදු රහිත වාහන ඉන්දියන් දොස්තරලාට ලැබෙන්නේ නැහැ. පිටරට යන දොස්තරලාට වාහන, private practice ලැබෙන්නේ නැහැ. උපයන විටම බදු වදිනවා. තණකොළ එතරම්ම රසවත් නැහැ. කොන්ඩේ කපන්න රුපියල් 7500 යි. කෝකටත් ටැක්සියක් එලවන්න බලාගෙන එන්නකියන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ
2025 මැයි මස 04 553 0

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු


සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 596 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 438 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 680 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 5144 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 356 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site